Genius Mind English Academy

 Genius Mind English Academy Admission 

2024


මදුශිකා හේරත් වන මා රජයේ විද්‍යාපීට පුහුණු ඉංග්‍රීසි ගුරුවරියක් වේ. වසර 15ක අදික කාලයක් රජයේ පාසල් වල් ඉංග්‍රිසි භාෂාව  උගන්වා අත්දැකීම් ඇති පලපුරුදු ගුරුවරියකි. දැනට රජයේ පාසලක ඉංග්‍රිසි ගුරුවරියක් වශයෙන් සේවය කරන අතර. සති අන්තයේ සෙනසුරදා සහ ඉරිදා දින වල British way English Academy මහනුවර ශාඛාවේ ඉංග්‍රිසි ගුරුවරියක් ලෙස සේවය කරනු ලබයි. දැනට මා විසින් මෙම ප්‍රදේශයේ දරුවන් රැසකට අධ්‍යාපනය ලබා දෙන අතර. මගෙන් අධ්‍යාපනය ලද ගියවර සාමන්‍ය පෙල  හැදැරූ දරුවන් විශාල ප්‍රමාණයකට A සාමාර්ත සහිව 100% පාස් වීමේ සම්භාවිතාවයක් ලබදීමට හැකියාව ලැබිණී.


මෙලෙස ඉංග්‍රිසි අධ්‍යාපනය තව දුරටත් ගුනාත්මකව සහ වැඩි ඵලදායීතාවයකින් ප්‍රදේශයේ දුවා දරුවන්ට ලබාදිමේ අරමුනෙන්. Genius Mind සන්නම නාමය යටතේ. ඉංග්‍රිසි අධ්‍යපන ආයතනයක් ගුරුදෙනිය නගර මද්‍යයෙහි පිහිටුවන ලදි. 2024 ජනවාරි 01 දින සිට මා විසින් පවත්වනු ලබන සියලුම කණ්ඩයම් පන්ති මේ ස්ථානයේ පමණක් පවත්වන බවටද මෙයින් දැනුවත් කර සිටිමි,


Genius Mind English Academy ආයතනය හා ඔබ සම්භන්ධ විය යුත්තේ ඇයි?




  • Genius Mind English Academy අප අධ්‍යාපන ආයතනය ඔබගේ දරුවාගේ ජාත්‍යන්තර භාෂාව වන English භාෂා දැනුම වර්ධනය කිරීම උදෙසා නව තාක්ෂණානුකූලව Smart class room සංකල්පය යටතේ විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ තොරතුරු තාක්ෂණයද භාවිතා කරමින් දැනුම ලබා දීම සිදු කරනු ලබයි.


  • ඔබේ දරුවාගේ වේගවත් අධ්‍යාපනයට සුදුසු මනෝවිද්‍යාත්මක පරිසරයක් පන්ති කාමරය තුල අප විසින් විශේෂයෙන් නිර්මාණය කර ඇත.
  • අප විසින් සතියේ දින 7 පුරා 1ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඔබේ දරුවාට පාසල් අධ්‍යාපනයට රුකුලක් වන පරිදි විශේෂයෙන් විභාග ඉහල ප්‍රතිඵල ලබාදීම සදහා අරමුණු කොට ගත් පන්ති පැවැත්වේ.


  • අප විසින් අයතනය තුල Group class කණ්ඩායම් පන්ති (උපරිම පන්තියකට ලමුන් 12) පමණක් පවත්වන බැවින්, පන්තියට පැමිනෙන සැම දරුවෙක් කෙරෙහිම වෙන වෙනම  අවධානය ලබාදීම සිදු කරනු ලබයි. එමෙන්ම විෂයට දුර්වල ළමුන් කෙරෙහි විශේෂ අවධානයක් ලබා දී එම ළ්මුන්ගේ කුසලතා ඉහල නැංවීමට කටයුතු කරනු ලබයි.
  • අප පන්තිය තුල ලමයා පාසලේ ඉගෙනුම ලබන ශ්‍රෙණියට වඩා ඉහල දැනුමක් ලමා මනසට බලපැමක් ඇති නොවන පරිදි ලබා දීම සිදු කරනු ලබයි.
  • එක් ශ්‍රේණියක් සදහා සතියකට පැය 2ක බැගින් මසකට පැය 8ක් අධ්‍යාපනය ලබාදීම සිදු කරයි.
  • තවද ලමයාගේ ඉං‍ග්‍රීසි කතා කිරීමේ හැකියාව යම් තරම්ක් හෝ ඉහල නැංවීමේ අරමුනින් පන්ති අවසාන විනාඩි 10 තුල කතා කිරීමට අදාල කණ්ඩායම් ක්‍රියාක‍රකම්ක් සිදු කරණු ලබයි.


  • සැම මසකම පලමු සතියේ ඉදිරි මාසයේ ඉගැන්වීමට අදාල syllabus සහිත වැඩ පොතක් අප විසින් ලබා දෙන අතර එම මාසයට අදාල පන්ති කාඩ්පත එම පොතේම අවසාන පිටුවේ සදහන්ව ඇත. එම මාසයට අදාල මුදල් ගෙවීමෙන් පසු එම syllabus එක සහිත වැඩ පොත ලමයාට ලබාදීම සිදු කෙරේ. මෙය සම්පූර්ණයෙන්ම් නොමිලේ ලබා දීමට අප තීරනය කර ඇත.
  • එමෙන්ම ඉහත සදහන් පොතේම අවසාන පිටුවෙහි පන්ති කාඩ් පතෙහි අදාල දිනයට අදාල කොටුවෙහි. පන්ති අවසාන වූ පසු දරුවා සම්පූර්ණ කාලය තුල පන්තිය තුල රැදී සිටියේද, ප්‍රමාද වී පැමිනියේද, කලින් පිටව ගියේද යන වග  පැහැදිලිව සදහන් කොට අත්සන තබන්නෙමු. පන්ති අවසානයේ සැම දිනකම දෙමාපියන් හට එය පරික්ෂා කිරීමෙන් එම කාලය තුල ලමයාගේ ක්‍රියාකාරකම් පිලිබදව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක.
  • මේ සියලුම පහසුකම් සහිතව පාන්ති ගාස්තු ලෙස මසකට ලමයෙකුගෙන් අය කරනු ලබන්නෙ රුපියල් 1000ක මුදලක් පමණී.
  • පන්තිය සදහා අලුතින් පැමිනෙන ලමුන් පමණක් ඇඩ්මිශන් ලෙස රුපියල් 1500ක මුදලක් එක් වරක් පමණක් ගෙවිය යුතු වේ. එම මසෙහි පන්ති කාඩ් පතෙහි මුදල මෙයට අදාල නොවේ. එනම් පන්ති කාඩ් පත වෙනම රුපියල් 1000ක් ගෙවා ලබා ගත යුතු වේ. එනම් පන්තියට අලුතින් පැමිනෙන සිසුවෙක් පලමු මස පමණක් 2500ක මුදලක් ගෙවීම සිදු කල යුතු අතර. අනිත් මාස වල සාමාන්‍ය පරිදි රුපියල් 1000ක මුදලක් පමණක් අය වේ.


වැදගත්ම දෙමාපියන් තෙරුම් ගත යුතු  කාරණය මේ පන්ති වලට සහභාගී වූ පමණින් කිසිවෙකුට චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීමේ හැකියාව ඇති වන්නෙ නැත.   ඉංග්‍රිසි කතා කිරීම පුහුනු කිරීම වෙනමම සංවේදී විෂයක් වන අතර එයට වැඩි කාලයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සදහා අප ආයතනයේම වෙනමම විශේෂීත වූ Spoken English පන්තියක් පැවැත්වේ. ඉං‍ග්‍රිසි චතුරව කතා කිරීමට පහත කුසලතා සම්පූර්ණ කර ගත යුතු වේ.

Listening - ඉංග්‍රිසි ඇහුන්කන් දී වචන තෙරුම් ගැනීමේ හැකියාව. මෙය වර්ධනය කිරීම උදෙසා පන්ති කාමරය තුලදී දෙබස් ඇසෙන්නට සලස්වා කන හුරු කරගැනීම සදහා විශේෂ ක්‍රියාකරකම් සිදු කරනු ලැබේ.

Pranouseation - ඉංග්‍රිසි භාෂාව නිවැරැදිව කතා කිරීම සිදහා නිවැරැදි වචන උච්චාරණය අත්‍යාවශ්‍ය වේ මේ සදහා multimedia තාක්ෂණය ඔස්සෙ විඩියෝ මගින් නිවැරැදි උච්චාරන ක්‍රම සහිත ක්‍රියාකරකම් සිදු කරනු ලබයි.

Sentence making- ඉංග්‍රිසි භාෂාව නිවැරැදිව කතා කිරීම සදහා ක්ෂණිකව වාක්‍ය නිර්මාණ හැකියාව අවශ්‍ය වේ. විශේෂිත ක්‍රම මගින් මෙය පුහුණු කිරීම සිදු කරනු ලබයි.

Think in English - චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීම සදහා ඉංග්‍රිසියෙන් සිතීමට පුහුණු කිරීම අත්‍යාවශ්‍ය වේ මේ සදහා විශේෂිත ක්‍රම මගින් පුහුණු කිරීම සිදු කරනු ලබයි. 

Word bank - ඉංග්‍රීසි කතා කිරීම සදහා ඉංග්‍රිසි වචන සහ තේරුම දැන ගත සිටිය යුතුම වේ . මේ සදහා වචන මතක සිටින ආකාරයට විශේෂිත ක්‍රම ඔස්සේ පාඩම් කරවීම සිදු කරණු ලබයි.

ඉතින් අවශ්‍ය දෙමාපියන්ට තම දරුවා ඉංග්‍රීසි කතා කිරීම සදහා Spoken English පන්තිය සදහා සහභාගී කරවීමට පුලුවන්. මේ පන්තිය සතියකට පැය 3ක් සහිතව මසකට පැය 12ක් වේ. මේ පන්තිය සදහා එක වරකට ලමුන් උපරිම 10ක් පම්ණක් ගන්න අතර සැම ලමයෙක් කෙරෙහිම සිවිශේෂී අවධානයක් යොමු කරන අතර. පන්ති ගාස්තු ලෙස මසකට 3000ක මුදලක් අය කරනු ලැබේ. 

Location - Kandy Gurudeniya town
Contact  -  071 370 50 67



No comments:

Post a Comment

Featured Post

The Battle of Browsers: Microsoft Edge vs. Google Chrome

Unveiling the Key Differences and Choosing the Perfect Fit Discover the ultimate showdown between Microsoft Edge and Google Ch...

Translate